Sooriya Publishers
Berunda Kadalla - Rupa Shriyani Ekanayake

Book Details

Rupa Shriyani Ekanayake

Berunda Kadalla - Rupa Shriyani Ekanayake

LKR 1,120.00LKR 1,400.00
-20%
In Stock

<p>‘…..නිකිතා යක්ෂ බැල්මෙන් මා දෙස බලා සිටියා ය. හැම විටම ඇගේ සිත තුල ජීවත්වූ මදන යකින්නිය මා දෙස බලමින් ඇඟමැලි කඩනු මම අත්දකිමින් සිටියෙමි. ඇගේ දෑස් රතු පැහැයෙන් බැබලිනි. නිකිතා ඇද සිටි රත් පැහැති සල්වාර් කමීසයත්, උරයේ පටලවාගෙන සිටි සුදු කහ රතු මල් සහිත සාලුවත් ඇගේ අනියම් ප්‍රේමවන්තයා විසින් ඇයට ළඟ දී තැගි දුන් පට පිළී බව මම දැන සිටියෙමි. ඒ රත් පැහැ සළුපිළිවලින් විසිරී ගිය රාගයේ ප්‍රභාව ඇගේ දෙනෙත්වල පමණක් නොව දෙකොපුල්වල ද, තොල්පෙතිවල ද, නළල් තලයේ ද සලිත වෙමින් තිබිණ. ඇදුමේ වර්ණයට සරිලන ලෙස හැඳ පැළඳ ඇති රතු පැහැති අරුංගල් ගිනි පුපුරු මෙන් දිලුණේය. මට මතක් වූයේ වෙසක් පහන් එළියේ අරවින්ද දුටු ගිනිපුපුරු මෙන් දිලුණු සරෝජිනිගේ අරුංගල් ජෝඩුවයි. එහෙත් ඒ විරාගික පසුබිම උඩුයටිකුරු වී නිකිතාගේ අරුංගල්වල, ගිනි ගැනෙන රාගයක සිත්තමක් සටහන් වී තිබීණි යැයි මට සිතිණි……’</p>

1

Island-wide delivery available.

Share
Language
English
Weight
375g
SKU
9789556566079

Reviews

No reviews yet — be the first.

Need Help? Chat with us