
Book Details
Rupa Shriyani EkanayakeDutimi Nethin Kasup Nirindh - Rupa Shriyani Ekanayake
සීගිරිය මහා කශය්‍යපයන් ගේ සෞන්දර්යකාමි චින්තනය හා පුද්ගල වින්දනය ප්‍රකට කරන දර්පණ තලයයි. හෙළ සංස්කෘතික ස්මෘතිය කෙරෙන තවමත් ආනුභාව පාන්නේ කාශ්‍යප විසින් ඉස්මතු කළ මේ චින්තන රටාව ම බව හොදින් පැහැදිලිය. සිංහල වංශකතාකරුවන් විසින් ඉතා ඛේදනීය ලෙස අමතක කර දමා ඇත්තේ කාශ්‍යපයන්ගේ මේ විප්ලවීය අදහස් ය. ඔවුන් විසින් පෙන්වන්නට තැත්කර ඇත්තේ පීතෘ ඝාතකයකු ලෙස ඔවුන් විසින්ම හැඳින්වූ කාශ්‍යපයන්ගේ රළු පරළු චරිතයයි. රූප ශ්‍රියානි ඒකනායකගේ දුටිමි නෙතින් කසුප් නිරින්ද් නවකතාව එවන් විද්වතුන් අතින් ගිලිහී ගිය මහ කසුප් රජුගේ මහා දාර්ශනික චින්තනාවෙන් නොමද ආස්වාදයක් ලබමින් විරචිතය. නවකතා ලිවීමේදී කතුවරිය විසින් උපයෝගී කරගෙන ඇති රසාලිප්ත අදහස් කාශය්‍යප චින්තනය ගැන අද්‍යතන සාහිත්‍යකරුවන්ගේ විචාරාක්ෂිය ඉදුරා ම යොමු කරවන්නකි.
Island-wide delivery available.
- Language
- English
- Weight
- 400g
- SKU
- 9789556561180
Reviews
No reviews yet — be the first.
You might also like



