Sooriya Publishers
Geiger Dutu Lankawa - Wilhelm Geiger/ Sudanthaka P. Wijetunga

Book Details

Geiger Dutu Lankawa - Wilhelm Geiger/ Sudanthaka P. Wijetunga

LKR 1,600.00LKR 2,000.00
-20%
Out of Stock

සංචාරකයෙකුගේ මනෝභාව වටහාගත හැක්කේ තවත් සංචාරකයෙකුට පමණි. නන්නාදුනන ශිෂ්ඨාචාරයක් සංචරණය කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. සුදන්තක පී. විජේතුංග එවැනි දුර්ලභ සංචාරකයෙකි. සංස්කෘතිය සොයා යා හැකි එකම පහුරක් වන්නේ භාෂාවයි. විල්හෙල්ම් ගයිගර් පඩිතුමා ප්‍රාචීන භාෂා ගවේෂණය කරමින්, අපේ ඉතිහාසය ඉතිහාසය පුරා සැරිසැරූ සහභාගි නිරීක්ෂකයෙක් විය. සුදන්තක පී විජේතුංග භාෂාව වාහනයක් කොට ගනිමින්, යටගිය ලෝකය ගවේෂණය කරයි. හේ ජර්මන්, ඉතාලි, හින්දි සහ ඉංග්‍රීසි යන භාෂාවන්හි මනා නිපුණත්වයක් දක්වයි. කොළඹ ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානය සුදන්තකගේ ජර්මන් භාෂා අධ්‍යනයයේ මූලික පාසලයි. වර්තමාන ජර්මනියේ සංචාරය කරමින්, ගයිගර් පඩිතුමාගේ ස්වකීයන් හරහා එතුමන්ගේ උපභෝග, පරිභෝග තොරතුරු රැසක් ශාස්ත්‍රීයව ගවේෂණය කල සුදන්තකට, මුල් ජර්මන් බසින්ම එතුමාගේ ලංකා දේශාටන වාර්තාව සිංහලයට පරිවර්තන කිරීමේ හැකියාව උදාවිය. දැනට ඉතාලියේ මිලානෝ නුවර වෙසෙන සුදන්තක ලාංකිය සංචාරක සාහිත්‍යයට නිපුන නිර්මාණ රැසක් ගෙන ඒමට සැදී පැහැදී සිටී. ජැක්සන් ඇන්තනී.

Island-wide delivery available.

Share
Language
English
Weight
200g
SKU
9786245638925

Reviews

No reviews yet — be the first.

Need Help? Chat with us